උසස් පෙළ දරුවන්ට දිය හැකි හොඳම තෑග්ග, MCQ පුහුණුව සඳහා වන Vibaga ඇප් එකයි.

ඔබ දන්නා හඳුනන උසස් පෙළ දරුවන්ට සාර්ථකත්වයේ තෑග්ග ලබා දීමට මේ ඔබේ අවස්ථාවයි. ඒ ඔබේ දරුවා, සහෝදරයා, නෑදෑයා හෝ යහළුවා හෝ වේවා විභාග ඇප් එක ඔහුට හෝ ඇයට උසස් පෙළ විභාගයේ MCQ ප්‍රශ්න පත්‍රයේදී සාර්ථක වීමට අවශ්‍ය පුහුණුව ලබා දේ.

Vibaga Gifts

උසස් පෙළ සිසු දරුවාගේ ජීවිතයේ සදා කල් පවතින වෙනසක් කළ හැකි මෙම අවස්ථාව මග නොහැර ඉගෙනීමට උදව් කරන්න.

දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කිරීම ඔවුන්ගේ දැනුම, ආත්ම විශ්වාසය සහ අධ්‍යාපනික විශිෂ්ටත්වයට උපකාරයක් වන මහඟු පුණ්‍ය කර්මයකි. දරුවෙකුට ඉගෙනුමට උදව් කල විට ඔහු හෝ ඇය ජීවිත කාලය පුරාවටම එය අමතක නොකරන අතර, සිහි වන සෑම විටකම පින් අනුමෝදනා කරයි. නොපමාව ඔබත් ඔබ දන්නා දරුවෙකුට උපකාර කර පින් රැස් කර ගන්න.

Why Vibaga App

ඉගෙන ගන්න දරුවෙකුට දිය හැකි හොඳම තෑග්ග Vibaga ඇප් එක වෙන්නේ ඇයි?

සියලුම පාඩම් ආවරණය

උසස් පෙළ විද්‍යා ගණිත සහ කෘෂි විෂය ධාරා ආවරණය වන පරිදි සියලුම විෂයන් සහ පාඩම් වලට අදාළ MCQ ප්‍රශ්න අඩංගු වන අතර එක් එක් පාඩමට වෙන් කර සකස් කර ඇත. MCQ පුහුණුව තුලින් විෂයන්ගේ ගැඹුරට අවබෝධ කර ගැනීමට මග පෙන්වයි.

ගතික ඉගෙනුම් සැලසුම්

එක් එක් දරුවන්ට ඇත්තේ විවිධ මට්ටමේ ඉගෙනුම් අවශ්‍යතා වන බව අපි දනිමු. එබැවින් විභාග ඇප් එකේ ලබා දෙන ඉගෙනුම් සැලසුම් එක් එක් දරුවාගේ මට්ටම අනුව වෙනස් වන පරිදි ඉදිරිපත් කර MCQ වලට පුරුදු පුහුණු කරනු ලැබේ. විශේෂයෙන් දරුවන්ගේ දුර්වල විෂය කොටස් හදුනාගෙන ඒවා නැවත නැවත කරවා සියලුම විෂය කොටස් වලට පුහුණු වූ දරුවකු විභාගයට ඉදිරිපත් වන විට ඇති කිරීම අපේ අරමුණ වේ.

සත්‍යානුරූපී විභාග සිමියුලේටරය

විභාගයට ඇති බිය අඩු කර ආත්ම විශ්වාසය වැඩි කිරීම සඳහා විභාග සිමියුලේටරය භාවිතා කරයි. සිසු දරු දැරියන්ට විභාගයේදී කාලයේ ඇති වැදගත්කම අවබෝධ වන පරිදි කාලානුරුපි ප්‍රශ්න පත්‍ර ලබාදී විභාගයකදී කාලයේ ඇති සීමිත බව නිසා ඇති වන පීඩනය දරා ගැනීමටත් කාල කළමනාකරණයට සිසුන් හුරු වීම මෙමගින් සිදුවේ. එමගින් සමස්තයක් ලෙස විභාග ප්‍රතිපල වැඩි වීමට උපකාර කෙරේ.


සවිස්තරාත්මක කාර්යසාධන විශ්ලේෂණය

විභාග ඇප් එක මගින් සිසු දරු දැරියන්ගේ තව දුරටත් පුරුදු පුහුණු විය යුතු විෂය කොටස් පිලිබඳ වඩා වැඩි අවදානයක් යොමු කර ඒ සඳහා සිසුන් දිරි ගැන්වේ. එක් විෂයේ ප්‍රගතිය ප්‍රතිශතයක් ලෙසත් එක් එක් පාඩමේ ප්‍රගතිය ප්‍රතිශතයක් ලෙසත් පෙන්වීමෙන් සිසු දරු දැරියන්ට එය සම්පුර්ණ කිරීමට උනන්දු කරවනු ලැබේ. තවද ඔවුන් විසින් උත්සහ කරන සියලුම ප්‍රශ්න පත්‍ර වල හරි වැරදි ලකුණු කර පිළිතුරු පත්‍රය ලබා දීමත් එහි වැරදුනු උත්තර වලට නිවැරදි පිළිතුරු කුමක්ද යන්න බලා ගැනීමටත් හැකියාව ඇත. මේ සියලු දේ තුලින් උත්සහ කරන්නේ දරුවාගේ කාර්ය සාදන විශ්ලේෂණය මගින් වඩා හොඳ ඊලඟ පියවර ඉදිරිපත් කිරීමයි. එවන් මග පෙන්වීමක් නොමැතිව දරුවන්ට මේ සියල්ල තනිව විශ්ලේෂණය කර ගැනීම ඉතා අපහසු වේ.

නම්‍යශීලි ගෙවීම් පැකේජ

විභාග නම්‍යශීලි ගෙවීම් පැකේජ කිහිපයක් හදුන්වා දී ඇති අතර එමගින් ඔබට පහසු පැකේජයක් තෝරාගෙන ඔබ දන්නා උසස් පෙළ දරුවෙකුට තෑගි කල හැකිය. ඒ අනුව මාස 3, මාස 6, අවුරුදු 1 සහ අවුරුදු 2 වශයෙන් පැකේජ 4ක් ඇත. පැකේජයේ සඳහන් වන කාලය සඳහා දරුවාට විභාග ඇප් එකේ සියලුම විශේෂාංග වෙනත් කිසිම ගෙවීමකින් තොරව නිදහසේ භාවිතා කිරීමට අවස්ථාව උදා වේ.

දරුවන්ගේ අනාගතයට ආයෝජනයකි

විභාග පැකේජයක් තෑගි දීම දරුවන්ගේ අනාගතයට ආයෝජනයකි. එමගින් එම දරුවන්ට උසස් පෙළ විභාගයේ MCQ ප්‍රශ්න පත්‍ර සඳහා ඉතා සාර්ථකව පුහුණු වීමට අවස්ථාව උදා වේ. උබ දන්නා උසස් පෙළ විද්‍යා ගණිත හෝ කෘෂි විෂය ධාරාව හදාරන දරුවෙකුට මෙම තෑග්ග ලබා දීම තුලින් ඔවුන්ගේ අනාගතයට ආයෝජනය කරන්න. ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යාපන ඉලක්කයන් ජය ගැනීමටත් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමටත් ඔවුන් සාර්ථකත්වයේ මාවතට යොමු කර විභාගය ජය ගැනීමටත් ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමටත් එය මහඟු පිටිවහලක් වනු ඇති අතර එය ඔවුන්ගේ මතකයේ සදා රැඳෙනු ඇත.

+ App Downloads

+ Active Students

+ Questions Answered

+ Study Plans Created

How to gift

ත්‍යාගය ලබා දීම සහ ගැනීම පහසුයි

1. Vibaga.lk වෙබ් අඩවියෙන් ත්‍යාග පැකේජයක් මිලදී ගන්න.

2. ඔබටම වෙන්වූ ත්‍යාග කේතයක්(Gift Code) ලැබේ

3. එය උසස් පෙළ දරුවාට ලබා දෙන්න

4. දරුවාට vibaga ඇප් එක තුලින් එම කේතය ලබා දේ

5. දරුවා එවෙලේම ඇප් එකේ සියලුම විශේෂාංග සඳහා සුදුසුකම් ලබයි

6. දරුවා ඔහුගේ සාර්තකත්වය් ගමන අරඹයි

උසස් පෙළ විද්‍යා ගණිත සහ කෘෂි විෂය ධාරා වල දරුවන් වෙනුවෙන් මිලදී ගන්න.

ත්‍යාග ලබා දීමට හැකි විභාග ශිෂ්‍යත්ව පැකේජ

3 Months

Rs.1400 / 3 months
  • මාස 3 කට සියලුම විශේෂාංග සඳහා අවසර පැකේජය
  • Dinamic Study Plans
  • 3 Subjects
  • Classfied Papers
  • Mixed Papers
  • Try Again Papers
  • Auto Paper Marking
  • Result Sheet
ත්‍යාගය මිලදී ගන්න.
Featured

6 Months

Rs.2600 / 6 months
  • මාස 6 කට සියලුම විශේෂාංග සඳහා අවසර පැකේජය
  • Dinamic Study Plans
  • 3 Subjects
  • Classfied Papers
  • Mixed Papers
  • Try Again Papers
  • Auto Paper Marking
  • Result Sheet
ත්‍යාගය මිලදී ගන්න.

1 Year

Rs.5000 / 1 year
  • අවුරුද්දක කාලයකට සියලුම විශේෂාංග සඳහා අවසර පැකේජය
  • Dinamic Study Plans
  • 3 Subjects
  • Classfied Papers
  • Mixed Papers
  • Try Again Papers
  • Auto Paper Marking
  • Result Sheet
ත්‍යාගය මිලදී ගන්න.

2 Years

Rs.9000 / 2 Years
  • අවුරුදු 2ක කාලයකට සියලුම විශේෂාංග සඳහා අවසර පැකේජය
  • Dinamic Study Plans
  • 3 Subjects
  • Classfied Papers
  • Mixed Papers
  • Try Again Papers
  • Auto Paper Marking
  • Result Sheet
ත්‍යාගය මිලදී ගන්න.

Testimonials

විභාග ඇප් එක ගැන සිසු දරු දැරියන්ගේ අදහස්

හරිම සතුටුයි මට ඔයාලගේ ඇප් එක ගැන. නොදන්නා ප්‍රශ්න හම්බෙනවා වගේම ඒවාට උත්තර හොයන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වටිනා ඇප් එකක්.

Dhananjaya Priyanath

A/L Student

ඇත්තටම ඒක හොඳ ඇප් එකක්. අමතක වෙලා තියෙන කොටස් ආයි මතක් කර ගන්න එහෙම ලොකු හෙල්ප් එකක් විභාග ඇප් එක.

Shazna

A/L Student

ඔව් ඇත්තටම ප්‍රයෝජනවත්. අපිට නොදැනී අපතේ යන කාලය ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

Sandaru

A/L Student

ඇප් එක නම් ගොඩක් හොඳයි. පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර තියෙන හින්ද පාඩම් අපහු මතක් කරගන්න පුළුවන්. විෂයන් තුනටම ගොඩක් ප්‍රයෝජනවත්.

Kawya Theekshani

A/L Student

ඇත්තටම මේ ඇප් එක ගොඩාක් ප්‍රයෝජනවත්. මමත් මේ වගේ ඇප් එකක් හොයා හොයා ඉද්දි තමයි මටත් හම්බවුනේ. ඇප් එකේ ඕනිම කෙනෙක්ට ප්‍රශ්න තෝරාගෙන ඒවාට උත්තර දෙන එකේ ඉදන් හොඳට අප්ඩේට් වෙලා තියෙනවා. දවසකට නිකමට හරි ඇප් එකට ගිහින් MCQ එකක් කරන්න හිතෙනවා. ගොඩක් හොඳයි මෙහෙම ඇප් එකක් හදල උදවුවක් දෙන එකට.

Harshana Visitha

A/L Student

Contact

Contact Us

Address

53E, Gangabada Road
Piliyandala

Call Us

0777862623

Open Hours

Monday - Friday
9:00AM - 05:00PM